සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

4. නීවරණ වර්ගය

6. අපරිහාන සූත්‍රය

“මහණෙනි, වඩනලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොජ්ඣංග සත දියුණුව පිණිස නොපිරිහීම පිණිස පවතිත්. ඒ සත කවරේද යත්?

“සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය යන සතය. මහණෙනි, වඩන ලද පුරුදු කරන ලද මේ සප්ත බොජ්ඣංගයෝ දියුණුව පිණිස, නොපිරිහීම පිණිස පවතිත් යයි” වදාළසේක.