සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

5. චක්කවත්ති වර්ගය

4. දුප්පඤ්ඤ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කෙලතොළු මෝඩයා, කෙලතොළු මෝඩයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේද?”

“මහණෙනි, සප්තබොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත පුරුදු නොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි කියනුලැබේ.

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණ, මේ බොධ්‍යාංග සත්දෙනා නොවඩනලද බැවින් නැවත නැවත පුරුදුනොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි” කියනුලැබේ.