සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
3. සීලට්ඨිති වර්ගය
7. සෙඛාසෙඛ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකෙත නුවර කණ්ටකී වනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවකොට නිමාව එක්පසෙක සිටියාහුය. එක් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
[2] “ඇවැත් අනුරුද්ධයෙනි, අසෙඛ අසෙඛයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අසෙඛ නම් වේද?”
“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් සම්පූර්ණකොට වඩන ලද හෙයින් අසෙඛ නම් වේ.
[3] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)
[4] “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කොට වඩනලද බැවින් අසෙඛ නම් වන්නේයයි” කීය.