සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

4. අනනුස්සුත වර්ගය

8. පරිඤ්ඤාතා මත සූත්‍රය

“මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්.

“කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් කය මනාකොට දැනගන්නා ලද්දේවේ. කය මනාකොට දැන ගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේවේ.

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරන්නහු විසින් වේදනාව මනාකොට දැන ගන්නා ලද්දේවේ. වේදනාව මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේවේ.

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් සිත මනාකොට දැනගන්නා ලද්දේ වේ. සිත මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂකරන ලද්දේවේ.

“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් ධර්මයෝ මනාකොට දැන ගන්නා ලද්දේවේ. ධර්මයන් මනාකොට දත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වන්නේය.”