සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
2. මුදුතන්ද්රිරිය සූත්රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1, 2 වෙනි ඡෙද මෙනි )
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ප්රඥාව පෙරටු කොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් සොවාන් මාර්ගස්ථයා (ශ්රද්ධාව පෙරටුකොට සොවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි.