සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
3. ඉන්ද්රිය වෙමත්ත සූත්රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරී නම් මාර්ගස්ථයා ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රියයන්ගෙන් වෙනස් කමින් ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් කමින් පුද්ගලයන්ගේ වෙනස් බව ඇතිවේ.”