සංයුත්තනිකායො
සගාථ වර්ගය
5. භික්ඛුනී සංයුත්තය
8. සිසුපචාලා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සිසුපචාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නාය.
එකල පාපී වූ මාරයා සිසුපචාලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ’’ මෙහෙණියනි , ඔබ කවරක්හුගේ දෘෂ්ටියක් කැමැත්තහුදැ ’’ යි කීය.
ඇවැත , මම කිසිම පුද්ගලයෙකුගේ දෘෂ්ටියක් කැමති නොවන්නෙමි ’’ යි ( මෙහෙණිය කීවාය. )
( එවිට පාපී මාරයා මෙසේ කීය: ) ’’ ඔබ මෙහෙණියක මෙන් පෙණෙති. ඔබ කවුරු උදෙසා හිස මුඬු කළෝද ? ( ඔබ ) දෘෂ්ටියක් නොකැමැත්තෙහි, ඉතා මුළාව ගිය සෙයින් කුමට හැසිරෙන්නහුද? ’’
( මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නාය: ) ’’ දෘෂ්ටි මේ සස්නෙන් පිටත්හිය. යම් කෙනෙක් ඒ දෘෂ්ටීන්හි ගැලෙත්ද , ඔවුන්ගේ දහම් නොකැමැත්තෙමි. ඔහු ධර්‍මයට දක්ෂයෝ නොවෙත්.
’’ ශාක්‍ය කුලයෙහි උපන් , තමහට සම අනෙකෙක් නැති , සියල්ල මැඬගෙන සිටි , මරහු දුරු කළ , හැම තන්හිම දිනූ බුදුවරයෙක් ඇත.
’’ උන්වහන්සේ හැම තන්හිම මිදුණු කෙනෙක තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළ කෙනෙක. පසැස් ඇති උන්වහන්සේ සියල්ල දක්නාසේක. සියලු කර්‍මයන්ගේ ක්ෂය ෙ( රහත්බවට ) පැමිණි සේක. උපධීන්ගේ කෙලෙස් ක්ෂයයෙහි මිදුණු සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්තෲය. මම් උන්වහන්සේගේ සස්න කැමැත්තෙමි. ’’
එවිට පාපීවූ මාරයා ’ සිසුපචාලා මෙහෙණිය මා දන්නීය ’ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.