සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
4. පුඤ්ඤාභිසන්ද වර්ගය
4. දෙවපද සූත්රය. (1)
(4, 5, 6, 8 වෙනි සූත්රවල 1 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 2 වෙනි ඡෙදය මෙනි)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද පළමුවෙනි පාදයයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4 වෙනි ඡෙදය මෙනි)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද දෙවැනි පාදයයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්රයේ 6 වෙනි ඡෙදය මෙනි.)
“මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසද විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද තෙවෙනි පාදයයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 8 වෙනි ඡෙදය මෙනි.)
‘මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනි පාදයයි.