සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
1. සමාධි වර්ගය
1. සමාධි සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙමේ තත්වූ පරිදි දනී. තත්වූ පරිදි කුමක් දනීද?
[2] “මේ දුකයයි තත්වූ පරිදි දනී. මේ දුක ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දනී. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිදි දනී. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි තත්වූ පරිදි දනී.
[3] “(එහෙයින්) මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙම තත්වූ පරිදි දනී. මහණෙනි, එබැවින් මෙහිදී (නුඹලා විසින්) මේ දුකයයි (තත්වූ පරිද්දෙන් දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමයයි (තත්වූ පරිදි දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුයි. මේ දුක් දුරුකිරීමේ පිළිවෙතයයි (තත්වූ පරිදි දැනගැනීම පිණිස) උත්සාහ කටයුතුය.”