සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
1. සමාධි වර්ගය
2. පටිසල්ලාන යොග සූත්රය
(මෙතැන් සිට මේ ඡෙද මහාප්රඥා වර්ගයේ 1 වෙනි සූත්රයේ මුල් ඡෙදය මෙනි.)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇති සැටි දනියි. කුමක් ඇතිසැටි දනීද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 2 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇතිසැටි දනියි. මහණෙනි, එබැවින් මෙහිදී (භික්ෂුතෙම) මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.