සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
4. සිංසපා වර්ගය
10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය
“මහණෙනි, යම් කිසි මහණෙක් තෙම වනාහි, මෙය දුකයයි තත්වූ පරිදි දනීද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනීද, ඉදින් පෙරදිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය යන මීට හෙතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පාකරන්නේය. විශෙෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හෙතු නැත්තේය.
“උතුරු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
“දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
“මහණෙනි, සොළොස් රියන් ගල්ටැඹක් ඇත්තේය. එහි අට රියනක් වල යටට බැස ඇත්තේද අට රියනක් වලින් මතුවී සිටියේ වේද ඉදින් පෙර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශෙෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් අපර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශෙෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් උතුරු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශෙෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඉදින් දකුණු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය විශෙෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය.
“ඊට හේතුව කුමක්ද? මහණෙනි, ගල් කණුව ගැඹුරු වළක මනාව සිටුවන ලද හෙයිනි.
“මහණෙනි, එසේම යම් කිසි මහණෙක් තෙම වනාහි මෙය දුකයයි තත්වූ පරිදි දනීද. මේ දුකට හේතුවයයි තත් පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත් පරිදි දනියිද ඉදින් පෙර දිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදාරොපනය කරන්නෙමියි එන්නේ වේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව ධර්මයෙන් කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පා කරන්නේය. විශෙෂයෙන් සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හෙතු නැත්තේය.
“දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශෙෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය.
මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි
මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.
සීසපාවනවග්ගො චතුත්ථො.