සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

5. පපාත වර්ගය

7. පඨමඑකච්ඡිග්ගල සූත්‍රය

2 “මහණෙනි, පුරුෂයෙක්තෙමේ එක් සිදුරක් ඇති වියදණ්ඩක් මහ සයුරෙහි දමන්නේය. එහි (මහසයුරෙහි) කණ කැස්බෙක් වාසය කරන්නේය. ඌ සියක් වසකට සියක් වසකට වරක් මතුවන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සියක් වසකට, සියක් වසකට වරක් උඩඑන්නාවූ කණකැස්බා ඒ කියනලද එක් සිදුරක් ඇති දණ්ඩෙහි (වියදඬු සිදුරෙහි) බෙල්ල දමන්නේද?”

“ස්වාමීනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඉදින් සිදුවියහැකි වන්නේය.”

“මහණෙනි, සියක් වසකට සියක්වසකට වරක් උඩඑන්නාවූ ඒ කණකැස්බා ඒ එක්සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමයි නම් එය ඉක්මනින් වියහැකිය. මහණෙනි, එය සිදුවූවත් වරක් දුගතියට පැමිණි බාලයාහට මිනිසත් බවක් ලැබිය හැකියයි මම නොකියමි. මහණෙනි, ඊට හේතුව කවරේද?

“මහණෙනි, එහි ධර්මයෙහි හැසිරීමක් නැත්තේය. පින් කිරීමක් නැත්තේය. මහණෙනි එහි ඔවුනොවුන් කාගැනීම බලවන්තයා, දුබලයා කාදැමීම පවත්නේය. ඊට හේතුව කවරේද? සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරක්ද?

(මේ ඡෙදය සිංසපා වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි)