සංයුත්තනිකායො

සගාථ වර්ගය

6. බ්‍රහ්ම සංයුත්තය

2. පරිනිර්‍වාණ වර්‍ගය

5. පරිනිබ්බාන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල්වෙනෙහි සල්ගස් දෙක අතරෙහි පිරිනිවන් කාලයෙහි වාසය කරනසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ( මෙසේ ) වදාළසේක: ’’ මහණෙනි, දැන් වනාහි තොප අමකමි. සියලු සංස්කාර ධර්‍මයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. අප්‍රමාදයෙන් ත්‍රිශික්‍ෂාව සම්පාදනය කරව්.’’ මේ තථාගතයන්ගේ අන්තිම වචනයයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ආකාසානඤචායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකාසානඤචායතනධ්‍යානයෙන් නැගිට විඤඤානඤ්චායතනධ්‍යානයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගිට ආකිඤචඤඤායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගිට නේවසඤ්ඤානාසඤඤායතනයට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගිට සඤඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවැදුනුසේක.

සඤඤාවේදයිත නිරෝධසමාපත්තයෙන් නැගී නේවසඤ්ඤානාසඤඤායතන සමාපත්තියට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගී ආකිඤචඤඤායතනයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගී විඤඤානඤ්චායතනයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගී ආකාසානඤචායතනයට සමවැදුනුසේක. ආකාසානඤචායතනයෙන් නැගී චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ධ්‍යානයෙන් නැගිටීම සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවීමත් සමගම සහම්පතී බඹතෙම මේ ගාථාව කීය:

’’ලොව යැම සත්හුම සිරුර ඉවත දමන්නාහුය. ලොව සමකළ නොහැකිවූ, තථාගතවූ, ( දශවිධ ඥාන ) බලයට පැමිණි, සියලු ධර්‍මයන් ඉතිරි නොකොට දත්, මෙබඳු ශාස්තෲන් වහන්සේ පවා යම්සේ පිරිනිවිසේක්ද ( එමෙනි.)

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම සක්දෙවිඳු මේ ගාථාව කීය:

’’සංස්කාරයෝ ඉපදීම නැසීම ස්වභාවකොට ඇත්තාහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. ( ඔවුහු ) ඉපිද නිරුද්‍ධ ( විනාශ ) වෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම සැපයි.’’

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම මේ ගාථාව කීය:

’’සියලු උතුම් කරුණුවලින් යුක්තවූ, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ පිරිනිවි කල ( ඒ ) පරිනිර්‍වානය සමගම භය උපදවන කරුණු ( පහළ ) විය. එවිට ලොමු ඩැහැගැනීම්ද විය.’’

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම අනුරුද්‍ධ ස්ථවිරතෙම මේ ගාථාවන් කීය:

’’සමාහික සිත් ඇති, තාදී ගුණවත්, බුදුරජාණන් වහන්සේගේ ආශවාස ප්‍රශ්වාසය නොවූයේය. (නතරවිය. ) තණ්හාව නැත්තාවූ, පසැස් ඇත්තාවූ, සම්බුද්ධයන් වහන්සේ අනුපදිශේෂ නිර්‍වාණය නිසා ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවිසේක.

’’නොහැකුළුණු සිතින් යුක්තව වේදනාව ඉවසූසේක. චිත්තය සම්බන්‍ධවූ මිදීම ප්‍රදීපයේ නිවීම මෙන් විය.’’

දෙවෙනි වර්‍ගයයි

බ්‍රහ්මසංයුත්තං සමත්තං.

(ඉතො පරං මරම්මපොත්ථකෙසු එවම්පි දිස්සති -§බ්‍රහ්මායාචනං අගාරවඤ්ච, බ්‍රහ්මදෙවො බකො ච බ්‍රහ්මා.§අඤ්ඤතරො ච බ්‍රහ්මාකොකාලිකඤ්ච, තිස්සකඤ්ච තුරූ ච§බ්‍රහ්මා කොකාලිකභික්ඛු, සනඞ්කුමාරෙන දෙවදත්තං.§අන්ධකවින්දං අරුණවති, පරිනිබ්බානෙන පන්නරසාති)