ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

8. සල්ල සූත්‍රය

මේ ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ ජීවිතය මේ දක්වා ජීවත්වේයයි නිමිති රහිතය. මෙතෙක් කල් ජීවත්වේයයි නොදතහැක්ක, දුකකි, ස්වල්පය, නොයෙක් දුකින් යුක්තය.

උපන්නාහු යමකින් නොමැරෙත්ද, එබඳු උපක්‍රමයක් නැත්තේය. ජරාවට පැමිණ හෝ නොපැමිණ මරණයවේ. මෙය සත්වයාගේ ස්වභාව නියමයයි.

ඉදුන හෝ පැසුන ගෙඩි උදේ වැටේයයි බිය ඇතිවීම මෙන් උපන් මනුෂ්‍යයන්ට නිතර මරණින් බිය ඇතිවේ.

යම්සේ කුඹලා විසින් කරණ ලද මැටි බඳුන් සියල්ල බිඳීම අවසන්කොට ඇත්තාහුද මනුෂ්‍යයන්ගේ ජීවිතය එසේය.

ළදරුවෝද, මහල්ලෝද යම් මෝඩයෝ වෙත්ද යම් පණ්ඩිතයෝ වෙද්ද සියල්ලෝ මාරයාගේ වසගයට යති. සියල්ලෝ මරණය පිහිටකොට ඇත්තාහ.

පරලොවට යන්නාවූ මරණයෙන් පීඩිතවූ ඔවුන්ගේ පියතෙමේ පුත්‍රයා රකී. නෑයෙක් හෝ නෑයන් රැක නොගනී.

නෑයන් බලා සිටියදී බොහෝදෙනාගේ බැගෑහඬ බලන්න. ගවයන් මරන්නෙකු මෙන් මාරයා මනුෂ්‍යයන් අතරින් එකෙකු බැගින් ගෙනයයි.

මෙසේ ලෝකයා මරණයෙන්ද, ජරාවෙන්ද පෙළෙන ලදී. එසේ හෙයින් වීර්යවන්තතෙමේ ලොක ස්වභාවය දැන ශොක නොකරත්.

ආවාවූ හේ ගියාවූ යමෙකුගේ මාර්ගය නොදනීද දෙපස නොදන්නේ තේරුමක් නැතිව අඬන්නේය.

ඉදින් අඬන්නේ නම් කිසි තේරුමක් ඇතිවිය යුතුය. ඇඬීම මුළාවකි. තමන්ට හිංසාවකි. ඇඬීමෙන් පලක් වන්නේ නම් ඤාණවන්තයාත් මෙය කරන්නේය.

හැඬීමෙන්, ශොකයෙන්වත් සිතට සැනසීමක් නැත. බොහෝ සෙයින් දුක් උපදවයි. ශරීරයද නැසෙයි.

තමා විසින් තමා හිංසාකරන්නේ කෘශවේ, විවර්ණවේ. ඉන් කළුරිය කළ අය පොෂ්‍යය නොවේ, ඇඬීම ප්‍රයෝජනයක් නැත.

ශොකය දුරුනොකරණ සත්වතෙමේ බොහෝ සෙයින් දුකට පැමිණේ. කළුරිය කළහු අනුව ශොක නොකරන්නේ ශොකයාගේ වසඟයට යන්නේය.

පරලොවට යන්ට සූදානම් වී සිටින කම් වූ පරිදි යන අනික් සත්වයන්ද බලව. මේ ලෝකයෙහි ප්‍රාණීහු මරහුගේ වසඟයට පැමිණ වෙවුලත්.

යම් විධියකින් සිතත්ද ඊට පසු එය අන්පරිද්දකින් වේ. මෙවැනි වෙන්වීම හැඟීමට විරුද්ධය. ලෝකයාගේ විධිය බලව.

පුරුෂතෙම වර්ෂ සියයක් ජීවත්වන නමුදු ඊට වඩා හෝ සිටින නමුදු නෑ සමූහයාගෙන් වෙන්වේ. මෙලොව ජීවිතය අත්හරියි.

එහෙයින් රහතුන් වහන්සේගෙන් අසා වැළපීම අත්හැර කළුරිය කළ මළහු දැක මා විසින් හෙතෙම නොලද්ද හැක්කැයි දැන.

යම්සේ පිහිට ගන්නේද ඇඬීමෙන් ඈත්ව කෙලෙස් නැසීමෙන් පිරිනිවියේය. මෙසේ වීර්යවත් ඤාණවත් පණ්ඩිත වූ දක්ෂවූ මනුෂ්‍යතෙමේ උපන් ක්‍රොධය වහා වාතය පුළුන් මෙන් නසන්නේය.

වැළපීමද, තෘෂ්ණාවද තමාගේ දොම්නසද තමහට සැප බලාපොරොත්තු වන්නේ තමාගේ ශොකහුල උගුල්ලන්නේය.

උගුල්ලා දමනලද ශොක හුල් ඇත්තේ තෘෂ්ණාදීන් නිශ්‍රය නොවූයේ සිතේ ශාන්තියට පැමිණ සියලු ශොක ඉක්මවූයේ ශෝක නැත්තේවේ.”

සල්ලසුත්තං අට්ඨමං නිට්ඨිතං.