ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

7. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය

“නිදුකානෙනි, මෙවුන්දම්හි යෙදුනහුගේ උවදුර වදාළ මැනව. ඔබගේ වචනය අසා කායාදි ත්‍රිවිධ විවේකයෙහි හික්මෙන්නම්හ” (ආයුෂ්මත්වූ මිත්‍රගේ පරපුරෙහි තිස්ස මෙසේ ඇසීය.)

“මෛත්‍රෙයය, මෛථුන ධර්මයෙහි යෙදුනහු ශාසනයද සිහිනොවේමය, ඔහු කෙරෙහි පහත් මිථ්‍යා ප්‍රතිපත්තියට පිළිපන්නේ වේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“යමෙක් පෙර තනිව හැසිර මෙවුන්දම් සෙවුනේද කැරකෙන යානයක් මෙන්වූ ඔහු ලෝකයෙහි හීනවූ පෘථග්ජනයාය කියත්.

“ඔහුගේ පෙරයම් යසසක් කීර්තියක්වීද, ඕතොමෝ පිරිහේමය. මෙය දැක මෛථුනය නැතිකිරීම පිණිස හික්මෙව්.

“සිතිවිලි වලින් මැඩගත් යමෙක් වේද, හෙතෙම දිළින්දෙක් මෙන් දැවෙයි. එබඳු තැනැත්තේ අන්‍යයන්ගේ වචන අසා ලජ්ජාවට පත්වේ.

“නැවත අන්‍යයන්ගේ වචන වලින් චොදනා කරණ ලද්දේ. වචන නමැති ආයුධ පාවිච්චි කරණු ලැබේ. ඔහුගේ මේ මහා තෘෂ්ණාව බොරුකීමට බැසගනී.

“පණ්ඩිතයයි කියන ලද තනිව හැසිරීමේ පිහිටි පුද්ගලතෙම ඉදින් මෙවුන්දම්හි යෙදේද, හෙතෙම මුළා වූවකු මෙන් හාත්පසින් වෙහෙසට පැමිණෙන්නේය.

“මේ ශාසනයෙහි මුනිතෙමේ පෙරවූ හා පසුවූ මේ වරද දැක තනිව හැසිරීම දැඩිකොට කරන්නේය. මෛථුනය ඇසුරු නොකරව්.

“ආර්යයන්ගේ උතුම්වූ මේ විවෙකයෙහිම හික්මෙව්. ඒ කරුණින් ශ්‍රෙෂ්ඨයයි නොහඟින්නේ නම් හෙතෙම ඒකාන්තයෙන්ම නිර්වාණය සමීපයේවේ.

“කාමයන් බලාපොරොත්තුවක් නැතිව හැසිරෙන්නාවූ (කාය දුශ්චරිතාදිය) හිස් සතර මහ වතුරු තරණය කළ බුදුන්ට කාමයන්හි බැඳුණාවූ මනුෂ්‍යයෝ ප්‍රශංසා කරත්.”

තිස්සමෙත්තෙය්‍යසුත්තං සත්තමං නිට්ඨිතං.