ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

5. පාරායණ වර්ගය

මෙත්තගු මාණවක ප්‍රශ්නය

වෙද දත් පුරුදුකළ ගුණධර්ම ඇති ඔහු දනිමි. ලොකයෙහි යම් කෙනෙක් නානා, ප්‍රකාරද මොව්හු දුකට කුමක් හෙයින් ගියාහු දැයි” ආයුෂ්මත් මෙත්තගු තෙමේ විචාළේය.

“මෙත්තගු මාණවකයෙනි, මගෙන් ඒකාන්තයෙන් දුකට හෙතුව අසන්නෙහිය. දැනීම පරිදි එය තොපට ප්‍රකාශ කරමි. ලොකයෙහි නානාප්‍රකාරවූ යම් දුකක් වේද, තෘෂ්ණාදී උපධීන් ඊට මුලය.

“යම්කිසි කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාදිය කෙරේද ඒ බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. එහෙයින් දන්නාවූ සංසාර දුක ඉපදීමට හෙතුව කෙලෙස් දන්නේ පව් නොකරන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“යමක් විචාළේ නම් අපට ප්‍රකාශ කෙළේය. අනිකක් විචාරමි. එය වදාරණු මැනවි. පණ්ඩිතයෝ ජාති ජරාශොක පරිදෙවයන්ද මහජල පහරද කෙසේ එගොඩ කරත්ද, මුනි තෙමේ එය මට ප්‍රකාශද කරණු මැනව. එසේමැයි මේ ධර්මය ඔබ වහන්සේ දන්නාසේක.”

“මෙත්තගුවෙනි, මේ ආත්මයෙහි මට ප්‍රත්‍යක්ෂ ඒ ධර්මය තොපට ප්‍රකාශ කරන්නෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලොකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“මහා ඍෂීන් වහන්ස, ඒ උත්තම ධර්මයට මම සතුටු වෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලොකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේය.

“මෙත්තගු මාණවකයෙනි, උඩ යට සරස මැද යමක් මනාකොට දන්නෙහිද මොවුන් කෙරෙහි ආශාවද දෘෂ්ටියෙන් ගැනීමද විඤ්ඤාණයද අත්හැර සසර නොසිටින්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“මෙබඳු විහරණ ඇති සිහි ඇති අප්‍රමාදවූ මහණතෙම මමත්වය වශයෙන් ගන්නා වස්තු අත්හැර හැසිරෙන්නේ ඒ ඤාණවන්ත තෙමේ මෙලොවම ජාති ජරා ව්‍යාධි පරිදෙව දුක අත්හරින්නේය.

“මහර්ෂීන් වහන්සේගේ මේ වචනයට සතුටු වෙමි. භවත් ගෞතමයන් වහන්ස, අපට නිර්වාණය මනාකොට වදාරණ ලදී. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දුක් දුරු කළසේක. එසේම මේ ධර්මය ඔබවහන්සේ විසින් දන්නා ලදී.

“යම් බඳුවූ මුනිතෙමේ මනාකොට අවවාද කරන්නේද ඒකාන්තයෙන් ඔව්හුද දුක දුරුකරන්නේය. නාගයන් වහන්ස පැමිණ ඔබ වහන්සේ වඳිමි. භාග්‍යවතුන් වහන්සේ මට මනාකොට අවවාද කරන්නේනම් යෙහෙක.

“අත්හරින ලද පව් ඇති නුවණින් පරතෙරට ගිය. රාගාදී කිසිවක් නැති කාමභාවයෙහි නොඇලුණු යම් බ්‍රාහ්මණයෙක් වේද, හෙතෙම ඒකාන්තයෙන් මේ ඔඝය තරණය කෙළේය. එතෙරවූයේද වෙයි. සැක නැත්තේ හුල් නැත්තේ පරතෙරට ගියේය.

“මේ ලොකයෙහි වෙද දත් නුවණැති යම් මනුෂ්‍යයෙක් ලොකු කුඩා භවයන්හි මේ ඇල්ම අත්හැර පහවූ තණ්හා ඇත්තේ දුක් නැත්තේ ආශා නැත්තේ ජාති ජරා තරණය කෙළේ යයි කියමි.”

මෙත්තගූමාණවපුච්ඡා චතුත්ථී නිට්ඨිතා.