ඛුද්දකනිකාය
ථෙරගාථා
එකක නිපාතය
දෙවෙනි වර්ගය
1.13. වන වච්ඡ ථෙර ගාථාව
“නිල් වලාකුළුබඳු සිත් කලුවූ සිහිල් දිය ඇති සුවිශුද්ධ ප්රදෙශයෝ නොහොත් ආර්යයන් දරන්නාවූ (පබලුවන්) ඉඳුගොව් පණුවන්ගෙන් වැසීගියාවූ ඒ පර්වතයෝ මා පිනවා ලති.”
ආයුෂ්මත් වනවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.