ඛුද්දකනිකාය
ථෙරගාථා
එකක නිපාතය
දෙවෙනි වර්ගය
1.16. බෙල්ලට්ඨසීස ථෙර ගාථා
“යම්සේ යහපත් අං ඇති වාෂභාජානීය තෙමේ නගුල් මාර්ගයෙහි මද වෙහෙසින් යුක්තව ගමන් කෙරේද, එසෙයින්ම සසරට අයත් ආමිස නොමුසුවූ ඵල සමාපත්ති සුවයලත් කල්හි මා හට රෑ දාවල් මඳ වෙහෙසින්ම (සුවසේම) ඉක්ම යන්නාහ.”
බෙල්ලට්ඨසීස නම් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.