ඛුද්දක නිකාය

උදානය

3. නන්‍ද වර්ගය

8. පිණ්ඩපාතික පසංසා සූත්‍රය

[1] (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

[2] එකල්හි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුණු සවස් කාලයෙහි කරේරි නම් රවුම් මළුවෙහි රැස්වූ බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාවක් පහළවිය. (ii) “ඇවැත්නි පිණ්ඩපාතික භික්‍ෂුව පිණ්ඩපාතයෙහි හැසිරෙන විට කලින් කළ මන වඩන රූපයන් ඇසින් දකින්නට ලැබෙයි. කලින් කළ මනවඩන ශබ්දයන් කණින් අසන්නට ලැබෙයි. කලින් කළ මනවඩන රශයන් දිවින් රශ බලන්නට ලැබෙයි. කලින් කළ මනවඩන ස්පර්ශයන් කයින් ස්පර්ශ කරන්නට ලැබෙයි. ඇවැත්නි, පිණ්ඩපාතික භික්‍ෂුව සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බහුමාන කරණ ලද්දේ පුදන ලද්දේ සලකන ලද්දේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් අපිද පිණ්ඩපාතිකයෝ වෙමු. අපිද කලින් කල මනවඩන රූපයන් ඇසින් දකින්නට හැකිවෙමු. අපිද කලින් කළ මනවඩන ශබ්දයන් කණින් අසන්නට හැකිවෙමු. අපිද කලින් කල මනවඩන සුවඳ නාසයෙන් ආඝ්‍රානය කරන්නට හැකිවෙමු. අපිද කලින් කල මනවඩන රශයන් දිවෙන් රශ බලන්නට හැකිවෙමු. අපිද කලින් කළ මනවඩන ස්පර්ශයන් කයින් ස්පර්ශ කරන්නට හැකිවෙමු. අපිද සත්කාර කරණ ලද්දෝ ගරුකාර කරණ ලද්දෝ බහුමාන කරණ ලද්දෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” කියායි.

[3] ඒ භික්‍ෂූන් ගේ මේ අතුරුකථාව ඉතිරි වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටිසේක් කරේරි මණ්ඩල මාලය (රවුම් මළුව) යම් තැනකද එතැන්හි වැඩි සේක. වැඩ පනවල ලද ආසනයෙහි වැඩ සිටි සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි කවර කථාවකින් යුක්තව හුන්නහුද යුෂ්මතුන්ගේ කවර නම් අතුරු කථාවක් ඉතිරිවීදැයි” යනුවෙනි. “ස්වාමීනි, මෙහි පිණ්ඩපාතයන් වැළකුණු සවස් කාලයෙහි කරේරි මණ්ඩල මාලයෙහි එක්වූ රැස්වූ අපගේ මේ අතුරු කථාවක් ඇතිවිය. (මෙහි 2 (ii) යෙදිය යුතුයි) ස්වාමීනි, මේ අපගේ අතුරු කථාව ඉතිරිවූයේ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක.”

[4](i) “මහණෙනි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ යුෂ්මතුන්ට මෙය සුදුසු නොවේ. යුෂ්මත්හු යම් ඒ මෙබඳු කථාකරන්නහුද, මහණෙනි, රැස්වූ යුෂ්මතුන් විසින් වැඩ දෙකක් කටයුතුය. දැහැමි කථාව හෝ ආර්යවූ තුෂ්ණිම්භාවයද යනුයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය වදාළ සේක.

(ii) “තමා පොෂණය කරන්නාවූ අනුන් පොෂණය කිරීමක් නැති තාදීවූ කීර්ති ප්‍රශංසාවෙහි නොඇළුන භික්‍ෂුව දෙවියෝ කැමතිවෙත්.”