ඛුද්දක නිකාය

උදානය

4. මෙඝිය වර්ගය

2. උද්ධත භික්ඛු සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන නම් මල්‍ය රජවරුන්ගේ සල්වනයෙහි වාසය කරණසේක.

[2] ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කැලෑකුටියේ වාසය කරත්. (ii) නොසන්සුන් වූවාහු එසවූ මානනල ඇත්තාහු, චපලවූවාහු, ක්‍රෑර වචන ඇත්තාහු, විසිරුණු වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, යහපත් නුවණැත්තාහු, එකඟසිත් නැත්තාහු තැතිගත් සිත් ඇත්තාහු, ප්‍රකෘති ඉන්‍ද්‍රියයන් ඇත්තාහු වෙත්.

[3] “නුදුරු කැලෑකුටියේ වසන (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) “ඇත්තාහු” යන්නට “ඇති” කියා වෙනස්කරගත යුතුයි,) ඒ බොහෝ භික්‍ෂූන් දැක්කේය.

[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.

“නොරක්නාලද, මිසදිටුගත්, නිදිබර ගතියෙන් මැඩුණු කයින් මාරයාගේ වසඟයට යයි. එහෙයින් රක්නාලද සිත් ඇති යහපත් කල්පනා ඇසුරුකරණ සම්‍යක් දෘෂ්ටිය පෙරටුකරණලද නිදිබරගතිය මැඩ පවත්වන මහණතෙම ඉපදීම හා විනාශය දැන සියලු දුගතීන් අත්හරින්නේය.”