ඛුද්දක නිකාය

උදානය

4. මෙඝිය වර්ගය

5. පාරිලෙය්‍යක සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයේ වැඩවසන සේක.

[2] එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ (ii) භික්‍ෂූන් භික්‍ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන්, රජුන්, මහ ඇමතියන්, තීර්ථකයන්, තීර්ථක ශ්‍රාවකයන් සමග ගැවසුණේ දුක සේ (iii) වසන සේක. පහසුසේ නොවසන සේක.

[3] ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේට “දැන් මම වනාහි (මෙහි 2 (ii) යෙදිය යුතුයි) වසමි පහසු සේ නොවසමි. ඒකාන්තයෙන් මම ගණයා කෙරෙන් වෙන්ව වසන්නෙම් නම් ඉතා යෙහෙකැයි” මෙය විය.

[4] ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑ නුවර පිඬු පිණිස පිවිසුණ සේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ තමාම සේනාසනය තැන්පත් කොට තබා පා සිවුරු ගෙන කථානොකර උපස්ථායකයාද භික්‍ෂු සංඝයාද නොබලා තනිව, දෙවැන්නකු නැතිව පාරිලෙය්‍යක වනය යම් තැනෙකද එහි චාරිකාවේ වැඩිසේක. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ පාරිලෙය්‍යක වනය යම් තැනෙකද එහි හැසුරුණේය. භාග්‍යවතුන් වහන්සේ ඒ පාරිලෙය්‍යක වනයෙහිද රක්ඛිත වන ලැහැබේ භද්දශාලා (එනම් ගස) මුල වසනසේක.

[5] එක්තරා ඇත් රජෙක් (ii) ඇතුන්, ඇතින්නන්, තරුණ ඇතුන්, ඇත් පැටවුන් හා ගැවසුණේ වසයි. අග් හිස් සිඳුණු තණ කොළද කයි. ඔහුට නමා ගත්- නමා ගත් අතු කැබලිද කත්. කැලැත්වූ පැන්ද බොයි. දියට බස්නා ඇතින්නෝද එගොඩවූ මගේ ඇගේ හැපෙමින් යත්. ගැවසුණේ දුකසේ වසමි. පහසුසේ නොවසමි. ඒකාන්තයෙන් මම තනිව පිරිසෙන් වෙන්ව වසන්නෙම් ඉතා යෙහෙකැයි’ (කියාය)

(iii) ඉක්බිති ඒ ඇත් රජ පිරිසෙන් වෙන්ව පාරිලෙය්‍යක වනයේ රක්ඛිත වනලැහැබේ භද්‍රශාල මූලය යම්තැනෙකද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි වනාහි ඒ ඇත් රජ භාග්‍යවතුන් වහන්සේ යම්තැනක වසනසේක්ද ඒ ප්‍රදේශයේ තණ ඉගිලීමද කරයි. සොඬින් භාග්‍යවතුන් වහන්සේට පියයුතු, පාවිච්චි කළයුතු පැන්ද ගෙනෙයි. ඉක්බිත්තෙන් වනාහි රහසිගතවූ ඵල සමවතට පැමිණ භාග්‍යවතුන් වහන්සේට සිතේ මෙබඳු කල්පනාවක් උපන්නේය. පෙර මම වනාහි (මෙහි2 (ii) යෙදිය යුතුයි.) විසිමි. පහසුසේ නොවිසීමි. දැන් වනාහි (මෙහි 2 (ii) යෙදිය යුතුයි) නොගැවසුණේ සුවසේ වසමි පහසුයේ වසමි.’

[6] ඒ ඇත් රජුටද සිතේ මෙබඳු කල්පනාවක් උපන්නේය. ‘මම වනාහි පෙර (මෙහි 5 (ii) යෙදිය යුතුයි.) ගැවසුණේ දුකසේ විසීමි. පහසුසේ නොවිසීමි. ඒ මම දැන් ඇතුන් ඇතින්නන්, තරුණ ඇතුන් ඇත් පැටවුන් හා නොගැවසුණේ වසමි. නොසිඳුණු අක් ඇතිම තණකොළද කමි. මා විසින් නමාගත් නමාගත් අතු කැබලිද ඔවුහු නොකත්. නොකැලැත් පැන්ද බොමි. දියට බස්නා ඇතින්නෝද දියෙන් එගොඩවූ මාගේ ඇඟෙහි හැපෙමින් නොයත්. නොගැවසුණේ සුවසේ වසමි. පහසුසේ වසමි.’

[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමාගේද දැඩි විවේකය දැක ඒ ඇත්රජුගේ සිතේ කල්පනාව සිතින් දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

“යම් විටක තනිව වනයේ සිත් අලවාද, නගුලිස වැනි දත් ඇති, ඇත් නාගයාගේ මේ සිත (බුදුන්ගේ) නාග (උතුම්) වූ සිත හා සමවේ.”