ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

3. (ප්‍රථම) කාම සත්ත සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

[2] එකල්හි වනාහි (ii) සැවතෙහි මනුෂ්‍යයෝ බෙහෙවින් (වස්තු) කාමයන්හි වේලාව ඉක්මවා ඇලුනාහු වෙත් රැඳුනාහු ගිජුවූවාහු වෙත්, බැඳුනාහුවෙත්, මුළාවට පැමිණියාහු වෙත්, ගිලගෙන සිටියාහු බැසගත්තාහු වෙත්, කාමයන්හි ඇලීමට පැමිණියාහු වාසය කෙරෙත්. (iii) ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවතට පිඬු පිණිස වන්හ. සැවතෙහි පිඬු සිඟා ඇවිද පස්වරුවෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූම ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළාහුය:-

[3] “ස්වාමීනි, (මෙහි 2 (ii) (යෙදිය යුතුයි) එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ ආදීනව නොදැකීම දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක:-

[4] යම් කෙනෙක් වස්තුකාමයන්හි (ක්ලේශකාමයෙන්) ඇලුනාහුද වස්තුකාමයන්හි (ඒ ක්ලෙශකාමයෙන්) ඇලීම හෙතුකොට ගෙනම වස්තුකාමයන්හි රාගසංගයෙන්ද දෘෂ්ටි මානද්වෙෂ අවිද්‍යා සංගයන්ගෙන්ද ඇලුනාහුද සංයොජක නම් වූ කාමරාගාදී ක්ලෙශ සමූහයෙහි දොෂය නොදක්නාහුද සංයොජන නම්වූ සංගයෙන් ඒ සංගයනට විෂයවූ ත්‍රෛභූමක ධර්මයන්හි ඇලුනාහුද, මහත්වූද, පතළාවූද ඔඝය (නොහොත්) සංසාරොඝය තරණය නොකරන්නාහුය.”