ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

8. කම්මාන පසංසා සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

“එකල්හි වනාහි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම පලක්බැඳ (-එරමිණිය ගොතා) කය ඍජු කොට තබා ගොචරාත්මයවූ කමටහන් අරමුණෙහි මනාකොට පැමිණ සිටියාවූ කායගතාසතියෙහි (කය අනුව බලන) සිහියෙහි අභිමුඛකොට භාග්‍යවතුන් වහන්සේට නුදුරුතන්හි වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මහාකච්චායන තෙර භාග්‍යවතුන් වහන්සේට නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට තබා තමාට ගොචරවූ කර්ම ස්ථානාරම්මණයෙහි අභිමුඛව මනාකොට පැමිණ සිටියාවූ කය අනුව බලන සිහියෙන් යුක්තව වැඩහුන්සේක්මය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කච්චායන තෙරුන්ගේ සතිපට්ඨාන භාවනා වශයෙන් ලබන ලද ධ්‍යානය පාදක කොට සමවැදීම්වූ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.

“යමකුගේ හැමකල්හිම සිහිය කය අනුව බැලීමට පැමිණ සිටියාවන්නීද, මාගේ ක්ලෙශ කර්මයෙක් ඉදින් නොවීනම් මාගේ මේ ආත්මභාවය නො උපදින්නේය. මේ අත්බවෙහි ක්ලෙශ කර්මයෙක්ද නොවන්නේය, මට මත්තෙහි විපාක වෘත්තයෙක්ද නොවන්නේය, නොදනොවන්නේ නම් මා සතුවූ කිසිවක් නොවන්නේය. කරුණුවූ කිසිවක් නොවන්නේය. මත්තෙහිද තමාට අයත්වූ කිසිවක් නම් මට නොවන්නේයයි (මෙසේ තුන් කල්හිම) අනුපූර්ව විහාර ඇත්තාවූම යොගාවචර තෙම ඉඳුරන් මුහුකුරාගිය කල්හිම විසත්තිකායයි කියනලද තෘෂ්ණාව තරණය කරන්නේය.”